බුුදුදහම සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය අතර අනුරූපතාව පිළිබඳව අන්තර් ජාලය ඔස්සේ පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ තවත් අංගයක් ලෙස, ථෙරවාද අධ්‍යයන පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය ජාලය විසින් ශාන් ප්‍රාන්තයේ බෞද්ධ විශ්ව විද්‍යාලය, කිංස් කොලේජ් ලන්ඩන්, ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාල සංගමය, ජාත්‍යන්තර ථෙරවාද බෞද්ධ විශ්ව විද්‍යාල සංගමය සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සහයෝගයෙන් අන්තර් ජාලය ඔස්සේ සම්මන්ත්‍රණයක් 2021 පෙබරවාරි 19 දා සංවිධානය කරන ලදී.

 

අපගේ අවබෝධය අභියෝගයට ලක්කරමින් සහ අපගේ චර්යාවෙහි වෙනස්කම් සිදුකරමින් දුක හඳූනාගැනීම සහ දුක්ඛ නිරෝධන විධි ප්‍රවර්ධනය බුදුදහමෙහි හරය වෙයි. මෝක්ෂය සොයායාමේදී සහ සමාජයට දුක්පමුණුවන කරදරවලට අදාලවී ඇති මෙම පිළිවෙත එහි දීර්ඝ ඉතිහාසය පුරා යුද්ධයේ යථාර්ථය සමග සම්බන්ධවීී පවතී.

බුදුදහමෙහි සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතියෙහි ඇතැම් අරමුණු වල වියහැකි හැකි සම්බන්ධතාව මෙයින් අදහස් කෙරේ. යුද සටන් මධ්‍යයේ දිවිගෙවීමට සිදුව ඇති තැනැත්තන්ට බුදුදහමින් සපයන මගපෙන්වීම් කවරේද, එමෙන්ම මෙම කරුණ සම්බන්ධයෙන් බුදුදහම සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය සසඳන්නේ කෙසේද? අධ්‍යයන අන්තර්කෙෂ්ත්‍ර දෘෂ්ටිකෝණවලින් එකිනෙකට වෙනස් මෙම ආචාරධර්ම සමුදායන් සහ නෛතික සම්ප්‍රදායන් ගවේෂණය කිරීම කාලෝචිත සහ උචිතය.

චාර්යා සමරකොන් මහත්මිය (ශ්‍රී ලංකාවේ කොළඹ 5 හි පිහිටි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ) “ගැටුම් ආශ්‍රීත ලිංගික ප්‍රචණ්ඩත්වය සහ බෞද්ධ ප්‍රතිපත්ති” මැයෙන් ඉදිරිපත්කිරීමක් කළාය. මෙම සැසිය එයට සහභාගිවූවන්ට ප්‍රශ්න ඉදිරිපත් කිරීමටද විවෘතව පැවතිණ.